Friday, April 26, 2024

General line - 0115112241

වන අලි පහරින් තුවාල ලැබූ දරුවෙකුත් මියයයි (UPDATE)




කරුවලගස්වැව ප‍්‍රදේශයේදී වෑන් රථයකට වනඅලියෙකු පහරදීමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටි පස් හැවිරිදි පිරිමි දරුවෙකු මියගොස් තිබෙනවා.

පුත්තලම – අනුරාධපුර මාර්ගයේ මී ඔය පාලම අසලදී අද (27) අලුයම එල්ල වූ මෙම වනඅලි ප‍්‍රහාරයෙන් එක් අයෙකු එම ස්ථානයේදිම මියගියා. වෑන් රථයේ ගමන් කළ තවත් නව දෙනෙකු තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.


වන අලි පහරින් එකක් මරුට – 10කට තුවාල

(Aug 27, 2016 @ 07:54)

පුත්තලම අනුරාධපුර මාර්ගයේ ධාවනය වූ වෑන් රථයකට කරුවලගස්වැව පොලිස් වසමේ මී ඔය පාලම අසලදී අද අලූයම වන අලියෙකු පහර දී තිබෙනවා.

වෑන් රථයේ ගමන් කළ අයෙකු මෙම පහරදීමෙන් මියගොස් ඇති අතර එහි ගමන් කළ තවත් දස දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.

වෑන් රථය පළමුවෙන් වනඅලියාගේ සිරුරේ ගැටී පෙරළී ගොස් තිබෙනවා. වනඅලියා පහරදීම සිදුකර ඇත්තේ එයින් කලබලයට පත්වයි.

මියගිය පුද්ගලයා යාපනයේ පදිංචි 39වන වියේ පසුවූවෙක්. තුවාලකරුවන්ගෙන් දෙදෙනෙකු කාන්තාවන් වනවා.