Thursday, March 13, 2025

General line - 0115112241

කථානායක ධූරය අහිමි වූ අශෝක රන්වලගේ මන්ත්‍රී ධූරය ගැන නීතිවේදියෙකුගෙන් සහතිකයක්



ස්ථාවර නියෝගවලට අනුව පාර්ලිමේන්තුව රැස්වන පළමු අවස්ථාවේදීම කථානායකවරයෙකු පත්කර ගැනීම සුදුසු බව නීතීඥ ආචාර්ය ප්‍රතිභා මහානාම මහතා පවසනවා. 

නියෝජ්‍ය කථානායකවරයාට පාර්ලිමේන්තුවේ ඉදිරි වැඩකටයුතු සිදු කිරීමට හැකියාව තිබුණ ද පාර්ලිමේන්තුව තුළ යම් ගැටළුවක් මතු වූ අවස්ථාවකදී එයට විසඳුම් ලබාදීම සඳහා කථානායකවරයෙකු අත්‍යවශ්‍ය බවයි ඔහු පැවසුවේ. 

අශෝක රන්වල මහතා කථානායක ධූරයෙන් ඉල්ලා අස් වුවද ඔහුගේ පාර්ලිමේන්තු ධූරයට කිසිදු ගැටළුවක් ඇති නොවන බවද නීතීඥ ආචාර්ය ප්‍රතිභා මහානාම මහතා පැවසුවා.