Thursday, April 10, 2025

General line - 0115112241

අනවශ්‍ය බලපෑම් සිදු කළහොත් වර්ජනයකට යන බව බස් සංගමයක් කියයි



බස් රථ සහ බස් රථ රියදුරන් විශේෂ පරික්ෂාවකට ලක් කිරීම කාලීන අවශ්‍යතාවයක් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. 

කෙසේවෙතත් මගී ප්‍රවාහනයට බාධ එල්ල වන පරිදි අනවශ්‍ය ආකාරයෙන් එම පරික්ෂා කිරීම් සිදු කළහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට සිදුවන බවයි එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ. 

මේ අතර ප්‍රධාන මාර්ගවල බස් රථ පරීක්ෂා කිරීම් සිදු කිරීමේදී යම් තදබදයක් ඇති වීමේ හැකියාවක් පවතින බව අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමය පවසනවා. 

එහි සභාපති සරත් විජිත කුමාර මහතා පැවසුවේ අදාළ පරීක්ෂා කිරීම් බස් නැවතුම්පළ තුළ සිදු කිරීමට හැකිනම් වාහන තදබදය අවම කර ගැනීමේ හැකියාවක් පවතින බවයි.

ඪධෂක්‍ෑ ක්‍ඹඔ - :ඊඹී ී්ඍ්ඔ්‍ය 01*