Thursday, March 6, 2025

General line - 0115112241

මිලියන නවයක අල්ලස් මුදලක් ගත් බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රීවරයෙකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට



අල්ලස් ලබාගැනීමේ සිද්ධියකට අදාළව බස්නාහිර පළාත් හිටපු මන්ත්‍රීවරයෙකු සහ ව්‍යාපාරිකයෙකු පිටකෝට්ටේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් කණ්ඩායමක් විසින්. 

නාගරික සංවර්ධන අධිකාරිය විසින් අත්පත් කර ගත් ඥාතියෙකුගේ ඉඩමකට වන්දි ගෙවීම කඩිනම් කරන බවට පොරොන්දු වී තවත් ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 09 ක මුදලක් අල්ලස් ලෙස ලබා ගනිද්දී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.