අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ 63ක් සඳහා මෙතෙක් පැවති බදු අනුප්‍රමාණයන් සංශෝධනයකින් තොරන එලෙසම පවත්වා ගැනීමට මුදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
අදාළ භාණ්ඩ අතරට පරිප්පු, සුදු සීනි, අර්තාපල් ලොකුළුෑණු, රතුළුෑණු, සුදුළුෑණු, පොල්තෙල් ඇතුළු එළවළු තෙල්, ටින් මාළු, වියළි මිරිස්, ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අයත්.
මෙම ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමේදී මෙතෙක් පවත්වාගෙන ගිය විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද දෙසැම්බර් 31වනදායින් අවසන් වුණා.
එය ජනවාරි පළමුවනදා සිට ඉදිරියටත් අඛණ්ඩව පවත්වා ගැනීමටයි තීරණය කර ඇත්තේ.
මේ හරහා පාරිභෝගික ජනතාවට භාණ්ඩ මිල ඉහළ යාමක් සිදු නොවන බව මුදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශය පවසනවා.
සහල්, උඳු, මුං ඇට, බඩඉරිඟු, කුරක්කන්, කහ, පළතුරු වර්ග, මාළු සහ කරවල ආදි දේශීය කෘෂි සහ ධීවර කර්මාන්තය ආරක්‍ෂා කිරීම මෙහි අරමුණ බවයි අමාත්‍යංශය වැඩිදුරටත් පැවසුවේ.