Wednesday, March 5, 2025

General line - 0115112241

මාර්ග නීති කඩන අය ගැන පොලීසිය පැමිණිලි කරන හැටි



මාර්ග ආශ්‍රිතව සිදුවන රථ වාහන වැරදි හා මාර්ග නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් දැන් සිටම මහජනතාවට පැමිණිලි කිරීමට අවස්ථාව පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසනවා. 

ඔහු කියා සිටියේ රථවාහන අනතුරු අවම කර ගැනීම එහි ප්‍රධාන අරමුණ බවයි. 
 

මෙහිදී ජනතාවට පැමිණිලි කිරීමට පහසු වන පරිදි පොලීසිය විසින් ඊ - ට්‍රැෆික් ජංගම දුරකථන යෙදවුම ඊයේ හඳුන්වා දුන්නා. 

ඒ, ‘ක්ලීන් ශ්‍රී ලංකා‘ වැඩ සටහනට සමගාමීවයි. 

මෙම යෙදවුම හරහා ජනතාවට සිය පැමිණිලි ඉදිරිපත් කළ හැක්කේ කෙසේද? 


දිවයිනේ සියලුම පොලිස් කොට්ඨාස ආවරණය වන පරිදි පොලිස් ස්ථාන 607ක රථවාහන නිලධාරීන් රාජකාරි යෙදී සිටින බවත් දෛනිකව සිදුවන රිය අනතුරු අවම කර ගැනීමට මේ හරහා වඩාත් පහසුවක් සිදු වන බවත් මෙහිදී ප්‍රකාශ කෙරුණා.