එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) ඇෆ්ගනිස්ථානය ඉලක්ක කර ඉකුත් දා පකිස්ථානය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් අවම වශයෙන් ළමුන් 20 දෙනෙකු මිය ගිය බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් කනස්සල්ල පළ කළේය.
ඊට ප්‍රතිචාර වශයෙන් ඇෆ්ගන් තලේබාන් සංවිධානය ප්‍රහාරයටක් පකිස්තානයෙන් පළිගන්නා බවට ප්‍රතිඥා දුන්නේය.
මෙම පුනරාවර්තන ඒකපාර්ශ්වික මිලිටරි ක්‍රියාවන්, ඇෆ්ගනිස්ථානයේ භෞමික ස්වෛරීභාවයට බාධා කිරීමට සහ අහිංසක ඇෆ්ගන් සිවිල් වැසියන්ගේ ජීවිත අනතුරේ හෙළීමට පාකිස්තානයේ අභිප්‍රාය ඉස්මතු කරන බවයි ජාත්‍යන්තර විශ්ලේෂකයින් පවසන්නේ.
ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජාතීන්ගේ සහය දූත මණ්ඩලය ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කළ අතර, පාකිස්තාන ගුවන් ප්‍රහාරවලින් කාන්තාවන් සහ ළමුන් ඇතුළු සිවිල් වැසියන් දුසිම් ගනනක් මිය ගිය බවට විශ්වාසදායක සාක්ෂි වාර්තා කළේය.
නිවේදනයක් නිකුත් කරමින් ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජාතීන්ගේ සහය දූත මණ්ඩලය පවසන්නේ "වගකීම සහතික කිරීම, අනාගත සිදුවීම් වැලැක්වීම සහ වින්දිතයන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීම" සඳහා පරිපූර්ණ පරීක්ෂණයක් සිදු කළැ යුතු බවයි.
දෙසැම්බර් 24දා, නැඟෙනහිර ඇෆ්ගනිස්ථානයේ පක්ටිකා පළාතේ ටෙහ්රීක්-ඊ-තලිබාන් පකිස්තාන් සටන්කාමීනේ සැඟවුණු ස්ථාන වෙත පකිස්තානය බහුවිධ ගුවන් ප්‍රහාර එල්ල කළේය.
මෙම ගුවන් ප්‍රහාරයෙන් එම සටන්කාමීන්ට වඩා, මූලික වශයෙන් අහිංසක ළමුන් සහ කාන්තාවන් ඇතුළුව අවම වශයෙන් පුද්ගලයන් 46 දෙනෙකු මිය ගියේය.