Monday, March 3, 2025

General line - 0115112241

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිල ඇඳුමක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට

සමන් පාලිත නානායක්කාර



සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිල ඇඳුමක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු හල්දුම්මුල්ල සීලතැන්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ නීති විරෝධී මත්පැන් සඟවා ඇති බවට ලද තොරතුරකට අනුව හල්දුම්මුල්ල පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් අදාළ සැකකරුගේ නිවසේ සිදු කළ වැටලීමකදීයි. 

එහිදී අදාළ සැකකරුගේ නිවසේ කාමරයක් තුළ ගමන් මල්ලක  තිබී සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිල ඇඳුමක් සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ. 

එලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 45 හැවිරිදි පුද්ගලයෙක්. සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන හල්දුම්මුල්ල පොලිසිය මගින් ක්‍රියාත්මකයි.