අමතර උපාංග සවිකල ත්‍රීරෝද රථ 40,000 ක් පමණ රට තුළ ධාවනය වන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති සුදිල් ජයරුක් මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ ත්‍රීරෝද රථවල අමතර උපාංග සවිකිරීම සම්බන්ධයෙන් අවසර ලබාගෙන ඇති බවයි. කෙසේවෙතත් ත්‍රීරෝද රථවල ඇතැම් උපාංග ඉවත් කිරීම සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බවයි ඔහු සඳහන් කළේ.
ත්‍රීරෝද රථවල සවිකර ඇති අමතර උපාංග අනතුරුවලට හේතුවක් වී නොමැති බවයි සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් මහතා කියා සිටියේ.
රථ වාහනවල සවිකර ඇති අමතර උපාංග සම්බන්ධයෙන් මේ වන විට රටේ දැඩි කතාබහක් පවතිනවා.
ඒ, බස් රථවල සහ ත්‍රීරෝද රථවල අමතර උපාංග ගලවා ඉවත් කිරීමට පොලිසිය මැදිහත් වීමත් සමඟයි.
කෙසේවෙතත් බස් රථවල සවිකර ඇති අමතර උපාංග ගලවා ඉවත් කිරීමට ඊයේ මාස තුනක කාලයක් හිමි වුණා.