Monday, March 31, 2025

General line - 0115112241

මෙරට මුහුදු සීමාව තුළ නීති උල්ලංඝනය කල ඉන්දීය ධිවරයින් 08 දෙනෙකු නාවික හමුදා භාරයේ



මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකල ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් සමඟ ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. 

ඒ, නාවික හමුදාව විසින් මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි.

එම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රා දෙක සහ එහි සිටි ඉන්දීය ධීවරයින් 08 දෙනා ඉරණතිව් දූපත වෙත රැගෙන ගොස් තිබෙනවා. නාවික හමුදාව පැවසුවේ ඉදිරි නීතිමය කටයුතු සඳහා කිළිනොච්චිය සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලය වෙත එම යාත්‍රා සහ ධීවරියන් භාර දීමට නියමිත බවයි. 

එම මෙහෙයුමත් සමඟ මෙම වසරේ මේ දක්වා සිදුකල මෙහෙයුම් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකල ඉන්දීය ධීවර යාත්‍රා 03ක් සහ ඉන්දීය ධීවරයින් 18 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර තිබෙනවා.