හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ 2025 නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍රයට 96 වන ස්ථානය හිමිව තිබෙනවා.
ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට ලොව පුරා ගමනාන්ත 44කට වීසා රහිත ප්‍රවේශය හිමි වන බවයි හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ දක්වා ඇත්තේ.
ඉකුත් 2024 වසරේද ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍රයට 96 වන ස්ථානය හිමිව තිබුණා.
මීට පෙර 2023 වසරේදී ශ්‍රී ලංකාව මෙම දර්ශකයේ 100වන ස්ථානයේත් 2022 වසරේදී 102වන ස්ථානයේත් රැඳී සිටියා.
ශ්‍රී ලංකාව මෙම දර්ශකයේ ඉහළම ස්ථානයකට පැමිණියේ 2006 වසරේදීයි.
එම වසරේදී හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ 74 වන ස්ථානය ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍රයට හිමිව තිබුණා.
මෙම දර්ශකයේ පළමු ස්ථානය හිමිව ඇත්තේ සිංගප්පූරු විදේශ ගමන් බලපත්‍රයටයි.
ලොව පුරා ගමනාන්ත 195කට වීසා රහිත ප්‍රවේශය සිංගප්පූරු විදෙස් ගමන් බලපත්‍ර හිමියන්ට හිමිව තිබෙනවා.
එම දර්ශකයේ දෙවන ස්ථානය හිමිව ඇත්තේ ජපානයටයි.
ලොව පුරා ගමනාන්ත 193කට වීසා රහිතව ප්‍රවේශ වීමට ජපාන විදෙස් ගමන් බලපත්‍ර හිමියන්ට අවස්ථාව හිමිව තිබෙනවා.
මෙම දර්ශකයේ තුන්වන ස්ථානය හිමිව ඇත්තේ ෆින්ලන්තය, ප්‍රංශය හා ජර්මනියටයි.
මෙම දර්ශකයේ අවසන් ස්ථානය හිමිව ඇත්තේ ඇෆ්ගනිස්ථානයටයි.