Thursday, February 27, 2025

General line - 0115112241

චීන බලධාරීන් උයිගර්වරුන්ගේ ළිං වසා දමන බවට චෝදනා



චීන බලධාරීන් සින්ජියැන්ග්හි විශාල කාන්තාරයක් අසල ගම්මාන තුනක උයිගුර් ගොවීන් විසින් කැනීම් කර තිබූ ජල ළිං නීති විරෝධී ලෙස හඳුන්වමින් වසා දමා ඇති බව වාර්තා වනවා.

Achchiq නමින් හැඳින්වෙන එකක් ඇතුළු ගම්මාන පිහිටා ඇත්තේ Kashgar ප්‍රාන්තයේ කොටසක් වන Yopurgha ප්‍රාන්තයේ ය. 

විශාල තක්ලමාකන් කාන්තාරයේ බටහිර මායිමේ පිහිටා ඇති ප්‍රාන්තයේ මුළු ජනගහනයම පාහේ උයිගුර්වරුන්ගෙන් සමන්විත වන බව RFA පුවත් වාර්තා කර ඇත්තේ.

ෂින්ජියැන්ග් හි වෙනත් ප්‍රදේශයක හන් චීන පදිංචිකරුවන් විසින් කපු සහ එළවළු වගා කිරීම සඳහා කැණූ නීති විරෝධී ළිං 46 ක් සොයා ගැනීමෙන් පසුව ජල සංචිත ක්ෂය වී ඇතැයි සඳහන්.

එහෙත් එම ළිං සම්බන්ධයෙන් චීන බලධාරීන් පියවර ගෙන නොමැති බවටයි චෝදනා එල්ල වන්නේ.

RFA ට අනුව, දැනට වර්ජිනියාවේ වෙසෙන හිටපු උයිගර් කඳවුරු රැඳවියෙකු වන Zumrat Dawut විසින් සමාජ මාධ්‍ය වෙත මුදා හළ මෑත වීඩියෝ දර්ශන, Achchiq ගම්මානයේ Uyghur ගොවීන් විසින් ඉදිකරන ලද ළිං විනාශ කිරීම පෙන්නුම් කර තිබෙනවා.

කලාපයේ උග්‍ර ජල හිඟයට පිළියම් යෙදීම සඳහා ගොවීන් විසින් කැනීම් කළ ළිං පිරවීමට බලධාරීන්ට බල කරන බව දර්ශනවලින් හෙළි වන බවයි පැවසෙන්නේ