Wednesday, February 26, 2025

General line - 0115112241

විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට



විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවකු මොරගහහේන පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා 

ඒ කහතුඩුව පොලිස් වසමේ මාගම්මන ප්‍රදේශයේදී මොරගහහේන පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදීයි

එහිදී විදේශීය රටක නිෂ්පාදිත ස්වයංක්‍රීය ගිනි අවියක්, එම පතොරම් ගැබක් සහ ජීව පතොරොම් 05 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුනා 

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 43 ක් වන මාගම්මන, හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 

කහතුඩුව හා මොරගහහේන පොලිස් ස්ථාන වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා