Wednesday, February 26, 2025

General line - 0115112241

වාහන ආනයනය කළ ද මිල ගණන් ඉහළ යා හැකි බව රජය කියයි



පෙබරවාරි මස සිට පෞද්ගලික වාහන ආනායනය කළ ද වාහන මිල ගණන් ඉහළ යාමේ හැකියාවක් පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. 

වාහන ආනයන කිරීමෙන් පසු රජය සතුව පවතින වාහන සම්බන්ධයෙන් යම් තීරණයක් ගන්නා බවයි ජනාධිපතිවරයා පැවසුවේ.


හිටපු ජනාධිපතිවරුන්ගේ නිල නිවාස සම්බන්ධයෙන් රජය ගත් තීරණය කුමන බලපෑම් පැමිණිය ද වෙනස් නොවන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.


ලබන මස අග භාගයේදී මැදපෙරදිග රාජ්‍ය නායකයින් හමුවීමට බලාපොරොත්තු වන බවයි හෝමාගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.