උතුරු ඉන්දියාවේ දැවැන්ත හින්දු ආගමික උත්සවයක් වන කුම්භමේලා උත්සවයේදී ඇති වූ තදබදයකින් විශාල බැතිමතුන් පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කුම්භමේලා උත්සවයට සහභාගී වීමට පැමිණ ගං ඉවුර අසල නිදා සිටි පුද්ගලයින් පිරිසක් ශුද්ධ ජලයෙන් ස්නානය කළ තවත් පිරිසක් විසින් පාගා දමා ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.
අනතුරත් සමග ඒ ආශ්‍රිත ප්‍රදේශයේ නොසන්සුන් තත්ත්වයක්ද ඇති වී තිබෙනවා.
මෙම අනතුරෙන් ජීවිත හානි පවා සිදුවී තිබිය හැකි බවත් ඒ පිළිබඳ මෙතෙක් නිල වාර්තා නොමැති බවත් ඉන්දීය බලධාරීන් පවසනවා.
කෙසේවෙතත් තෙරපුම සිදු වීමෙන් පසු ගිලන් රථ 20කින් පමණ තුවාලකරුවන් රැගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
කුම්භමේලා උත්සවය සඳහා දිනකට මිලියන 100ක පමණ ජනතාවක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. එය ලොව ඇති දැවැන්තම ආගමික උත්සවවලින් එකක් ලෙසටයි සැලකෙන්නේ.
ලොව පුරා සිටින බැතිමතුන්, තාපසයන්, දේශපාලනඥයින් සහ ප්‍රසිද්ධ පුද්ගලයින්ද ඊට සහභාගී වීම සාමාන්‍ය තත්ත්වයක්.
ගංගා, යමුනා සහ සරස්වතී යන ගංගා තුන එක්වන ස්ථානයේ පූජනීය ජලයේ ස්නානය කිරීමෙන් තමන්ගේ පව් සෝදා පවිත්‍ර වී ගැලවීම ලබා ගැනීමට හැකි වන බවටයි හින්දු භක්තිකයන් විශ්වාස කරන්නේ.