Tuesday, April 15, 2025

General line - 0115112241

අමෙරිකාවේදී ගුවන් යානයක් සහ හෙලිකොප්ටරයක් එකිනෙකට ගැටේ



අමෙරිකානු ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් සහ හමුදා හෙලිකොප්ටරයක් ඉහළ අහසේදී එකිනෙක ගැටී අනතුරට ලක්ව තිබෙනවා. 

ඒ, වොෂින්ටන් ජාතික ගුවන් තොටුපළේ ධාවන පථයට ළඟා වෙමින් සිටියදීයි. 

යානය එකිනෙක ගැටීමේදී ගිනි ගෙන ඇති අතර එය පොටෝමැක් ගඟට කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. 

අනතුරට ලක්වන අවස්ථාවේදී ගුවන් යානයේ මගීන් 60 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 04 දෙනෙකු සිට තිබෙනවා. 

එමෙන්ම අමෙරිකාවේ හමුදා සෙබළුන් තිදෙනෙකු හමුදා හෙලිකොප්ටරයේ සිට ඇති බවයි වාර්තා වන්නේ. 

අදාළ හෙලිකොප්ටර් යානය පුහුණු ගුවන් ගමනක සිටි අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ. අනතුරින් දිවි ගලවා ගත් කිසිවෙකු මෙතෙක් සොයාගෙන නැහැ. 

කෙසේවෙතත් පුද්ගල මළසිරුරු 18ක් මේ වන විට සොයාගෙන ඇති බවයි ඇතැම් විදෙස් මාධ්‍ය අනාවරණ කළේ. 

අනතුරින් දිවි ගලවා ගත් පුද්ගලයන් සොයා පොලිස් කිමිදුම්කරුවන් 300ක් පමණ ක්‍රියාත්මක බවටද වාර්තා වනවා. 

මෙම සිදුවීම හේතුවෙන් වොෂින්ටන් ජාතික ගුවන්තොටුපළේ සියලුම ගුවන් ගමන් තවකාලිකව අත්හිටුවා තිබෙනවා. 

වොෂින්ටන් ගුවන්තොටුපොළ අසල පිහිටි අනෙක් ගුවන් තොටුපළ වන ඩලස් ජාත්‍යන්තර ගුවන්තොටුපළට කිසිදු බලපෑමක් සිදුව නොමැති බවටද විදෙස් මාධ්‍ය පවසනවා.