Monday, February 24, 2025

General line - 0115112241

අයවැයේ සිදුවිය යුතු වෙනස්කම් ආර්ථික විද්වතෙක් පෙන්වා දෙයි



රටේ පවතින ව්‍යුහාත්මක ගැටළුවලට විසඳුම් ලබාදෙන අයවැයක් ඉදිරියේදී නව රජය විසින් ඉදිරිපත් කළ යුතු බව ආර්ථික විද්වතුන් පවසනවා. 

පසුගිය රජයන් ආර්ථිකයේ ඵලදායිතාව ඉහළ නැංවීමට අයවැය යෝජනා ඉදිරිපත් කළද ඒවා තුළින් සාධනීය ප්‍රතිඵල ලබාගැනීමට නොහැකි වූ බවයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ.

ඒ අනුව කෘෂිකාර්මික සහ කාර්මික අංශ පිළිබද අයවැයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. 

එමෙන්ම මෙවර අයවැය සකස් කිරීමේදී සැලකිලිමත් විය යුතු තවත් ක්‍ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන්ද පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පෙන්වා දුන්නා.