Wednesday, April 16, 2025

General line - 0115112241

පූනාගල කඳු පන්තියේ පැතිර ගිය ගින්නෙන් අක්කර 25ක් දැවෙයි

ජයන්ත වීරසේකර



කොස්ලන්ද, පූනාගල කඳු පන්තියේ පහළ කොටසේ පැතිර ගිය ගින්න අද අලු‍යම වන විට සම්පූර්ණයෙන්ම පාලනය වී තිබෙනවා. 

ගින්න හේතුවෙන් එම රක්ෂිතයේ අක්කර විසි පහකට වැඩි ප්‍රදේශයක් ගිනිගෙන විනාශ වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

පවතින දැඩි වියළි කාලගුණය සහ සුළං තත්ත්වය හේතුවෙන් ගින්න වේගයෙන් පැතිර ගොස් තිබෙනවා.

එම ගින්න පූනාගල කඳු පන්තියේ සංවේදී පරිසර කලාපයක පැතිර ගොස් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.