Thursday, March 13, 2025

General line - 0115112241

අමෙරිකාවේ තවත් ගුවන් අනතුරක්



අමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ පිහිටි ස්කොට්ස්ඩේල් ගුවන්තොටුපලෙහි සිදු වූ අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. 

එම ගුවන්තොටුපල වෙත ගොඩබැස්වූ ජෙට් යානයක් ධාවන පථයෙන් ඉවතට ධාවනය වී තවත් යානයක ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා. 

සිද්ධිය සම්බන්ධයෙන් ගුවන්තොටුපල බලධාරින් සහ එරට ආරක්ෂක අංශ විමර්ශන ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.