Sunday, February 23, 2025

General line - 0115112241

ජනපතිගේ බොත්තම් මාරුව ගැන පොහොට්ටුව කතා කරයි



එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිදු කළ නිල සංචාරය අතරතුර ජනාධිපතිවරයාගේ කමිසයේ බොත්තම් මාරු වීම ගැන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති කමිටු සාමාජික පසන් කස්තුරි මහතා අදහස් පළ කළා. 

ඒ, නෙත් නිවුස් සිව්වන මානය වැඩසටහනට එක්වෙමින්.


ශ්‍රී ලංකාවේ සැලසුම් කළ සුළං බලශක්ති ව්‍යාපෘතියෙන් අදානි සමාගම ඉවත් වීම සම්බන්ධයෙන් ද එහිදී අදහස් පළ වුණා. මේ, සමගි ජන බලවේගයේ කැලණිය සංවිධායක නීතිඥ රජිත ලක්මාල් මහතා.


දිනන දකුණ සාමූහිකය නියෝජනය කරමින් නදීශ ද සිල්වා මහතා ද නෙත් නිවුස් සිව්වන මානය වැඩසටහනට එක්වුණා. 

ඔහු වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් එහිදී අදහස් පළ කළා.