Sunday, February 23, 2025

General line - 0115112241

මැරතන් ඉසව්වෙන් නව ලෝක වාර්තාවක්



අර්ධ මැරතන් ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් බිහි කර තිබෙනවා.

ඒ, උගන්ඩාවේ ජීකොබ් කිප්ලිමෝ විසින්.

ඔහු මිනිත්තු 57කට අඩුකාලයකදී අර්ධ මැරතන් පිරිමි ධාවන තරඟය ජයගත් ලොව පළමු ක්‍රීඩකයා ලෙසටයි මෙලෙස වාර්තා අතරට එක් වී ඇත්තේ.

24 හැවිරිදි උගන්ඩාවේ ජීකොබ් කිප්ලිමෝ ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර පැවැති මෙම අර්ධ මැරතන් තරඟය නිම කළේ මිනිත්තු 56යි තත්ත්පර 42කින්. 

සාමාන්‍යයෙන් අර්ධ මැරතන් තරඟයක දුර කිලෝමීටර් 21යි දශම එකක්.

ඒ අනුව ජීකොබ් කිප්ලිමෝ මෙම අර්ධ මැරතන් තරඟයේදී කිලෝමීටරයක දුරක් ගමන් කිරීමට වැය කර තිබුණේ ආසන්න වශයෙන් මිනිත්තු 2යි දශම 6යි 8ක් පමණයි.

මීට පෙර ඉතියෝපියානු ක්‍රීඩක යොමීෆ් කෙජෙල්චා විසින් අර්ධ මැරතන් ඉසව්වේ ලෝක වාර්තාව බිහිකර තිබූ අතර එය වාර්තා වූයේ විනාඩි 57යි දශම 3යි බින්දුවක් ලෙසයි.