මිද්දෙණිය වෙඩි තබා ත්‍රිත්ව මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා
ඒ අනුව මෙම අපරාධයට අදාළව මේ දක්වා සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි
වීරකැටිය පොලිස් වසමේ තෙලඹුයාය ප්‍රදේශයේදී තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එම සැකකරු අත්අඩංගුවට ගත් බවයි මිද්දෙණිය පොලීසිය සබ්දහන් කර සිටියේ
අත්අඩංගුවට ගත් සැකකරු තෙලඹුයාය, වෑකඳවල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකි.
ඉකුත් 18වනදා සිදුකළ මෙම වෙඩිතැබීමෙන් අරුණ විදානගමගේ හා ඔහුගේ දරුවන් දෙදෙනා ඝාතනය කර තිබුනා
සිද්ධිය සම්බන්ධයෙන් මිද්දෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.