SLS ප්‍රමිති ලාංඡනය ව්‍යාජ ලෙස භාවිතා කරමින් නිෂ්පාදනය කළ පානීය ජල බෝතල් 6,800ක් විනාශ කිරීමට පියවර ගත් බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් පසුගිය ඔක්තෝම්බර් මස සිදුකරන ලද වැටලීමකදී ශ්‍රී ලංකා ප්‍රමිති ලාංජනය ව්‍යාජ ලෙස මුද්‍රණය කරමින් ජල බෝතල් නිෂ්පාදනය කර වෙළදපොලට නිකුත් කළ පූගොඩ, දන්ගල්ල ප්‍රදේශයේ පුද්ගලික සමාගමකට නඩු පවරා තිබෙනවා.
ඒ අනුව එම සමාගමට සහ එහි බදු ගැනුම්කාර සමාගමේ අධ්‍යක්ෂකවරයකු මෙන්ම කළමනාකරුවකුට රුපියල් ලක්ෂය බැගින් ලක්ෂ තුනක දඩ මුදල් නියම කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
එලෙස නිෂ්පාදනය කර තිබූ රුපියල් මිලියනයකට අධික වෙළඳපොළ වටිනාකමක් සහිත පානීය ජල බෝතල් තොගය අධිකරණයේ අධීක්ෂණය යටතේ විනාශ කිරීමට පුගොඩ මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියම කරනු ලැබුවා.
ඒ අනුව පසුගිය 20 වන දින අදාළ පානීය ජල බෝතල් තොගයෙන් ජලය ඉවත් කරනු ලැබූ අතර හිස් බෝතල් ප්‍රතිචක්‍රීකරණය සඳහා යොමු කරනු ලැබුවා.
තවද අදාළ සමාගමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ීඛී ලාංඡනය ව්‍යාජ ලෙස යොදා ගනිමින් අසත්‍ය නියෝජනයක් සිදු කර පාරිභෝගිකයා නොමග යැවීම හේතුවෙන් චෝදනා දෙකක් යටතේ නඩු පැවරීමටත් පියවර ගෙන තිබෙනවා.