Saturday, April 27, 2024

General line - 0115112241

දරුවෙකු අපයෝජනය කළ නීතිඥවරයෙකු රිමාන්ඩ්




මීගහවත්ත ප‍්‍රදේශයේදී වයස අවුරුදු 14 ක බාලවයස්කාර පිරිමි දරුවෙකු බරපතල අපයෝජනයට ලක්කළ බව කියන වයස අවුරුදු 60 ක පුද්ගලයෙකු රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

සැකකරු නීතිඥවරයෙකු බවට තොරතුරු ලැබී ඇතැයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.

ඔහු ගම්පහ වැඩබලන මහේස්ත‍්‍රාත් පාලිත සේනාධීර හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන පළමු වනදා තෙක් රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

අපයෝජනයට ලක්වූ බව කියන දරුවා කැළණිය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.