Monday, March 3, 2025

General line - 0115112241

ඉන්ධන ගත් බවට ඇමති නලින්ද කළ ප්‍රකාශයටත් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගෙන් ප්‍රතිචාර



ඉන්ධන තොග ඇණවුම් නොකිරීමට ගත් තීරණයේ කිසිදු වෙනසක් නොමැති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.

එම ඇණවුම් සිදුකර ඇති බවට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ පාර්ලිමේන්තුවේ සිදුකල ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් එම සංගමය මේ බව කියා සිටියා.

අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ එම සංගමයේ නියෝජිතයන් කිහිප දෙනෙකු ඉන්ධන තොග ඇණවුම් කර ඇති බවයි.


කෙසේවෙතත් අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සිදුකල එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බවයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සඳනායක මහතා පැවසුවේ. 


මේ අතර සිය ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී ජේ රාජකරුණා මහතා අවස්ථාවක් ලබාදී ඇති බවද ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවා.