ජනාධිපති කාර්යාලය සතු සුඛෝපභෝගී වාහන 14ක්, භාවිතයෙන් ඉවත් කරන ලද වාහන 06ක් සහ වාහන අමතර කොටස් අලෙවි කිරීමට අදාළ වෙන්දේසිය සිදු කර තිබෙනවා.
රජයේ වියදම් කපා හැරීම සහ මූල්‍ය වගවීම ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් එලෙස ජනාධිපති කාර්යාලය සතු වාහන විකිණීමට තීරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
ඒ අනුව ඩිෆෙන්ඩර් ජීප් රථ 09ක්, වොල්වෝ ජීප් රථයක්, ක්‍රයිස්ලර් මෝටර් රථයක්, මහේන්ද්‍රා බෝලෙරෝ රථයක්, රෝසා බස් රථයක්, ඩිස්කවරි රථයක් සහ ටොයෝටා මෝටර් රථයක් ඇතුළු වාහන 15ක් වෙන්දේසි වී තිබු අතර ඉතිරි වාහනවලට අදාළ වෙන්දේසිය නුදුරේදී පැවැත්වීමට නියමිතයි.
එම වාහන ජනාධිපති ලේකම් කාර්යාලයේ නිත්‍ය කාර්ය මණ්ඩල වෙත ලබාදී තිබූ වාහන නොවන අතර, හිටපු ජනාධිපතිවරයා විසින් සිය ධූර කාලයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (1) වගන්තිය යටතේ පත් කරන ලද උපදේශකවරුන් සහ කාර්ය මණ්ඩලය විසින් භාවිතා කළ වාහන වනවා.
එම වාහන මිලදී ගැනීම සඳහා විශාල ඉල්ලුමක් පැවති අතර එම අවස්ථාවට ව්‍යාපාරිකයන් 199 දෙනෙක් පමණ එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.