Monday, March 3, 2025

General line - 0115112241

ගාසා සටන් විරාමයේ දෙවන අදියරයට  දීර්ඝ කිරීමට ඊශ්‍රායල අගමැතිගෙන් අනුමැතිය  



මුස්ලිම් හා යුදෙව් ජාතිකයින්ගේ ආගමික වැඩසටහන් යෙදී ඇති බැවින් ගාසා තීරයේ සටන් විරාමය දීර්ඝ කිරීමට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අනුමැතිය ලබා දී තිබෙනවා 

ඉදිරි සති හයක කාලය තුළදී මෙම දෙවන අදියර සටන් විරාමය ක්‍රියාත්මක කිරීමට දෙපාර්ශවයේ අවදානය යොමුව තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 

ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර එළඹි සටන් විරාමයේ පළමු අදියර ඊයේ (01)  දිනයෙන් අවසන් වුණා.

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසන්නේ සටන් විරාමය පවත්වා ගත යුතු බවයි , ගිවිසුම බිඳවැටීම වළක්වා ගැනීම සඳහා කිසිදු උත්සාහයක් නොගන්නා ලෙසද  දෙපාර්ශවයන්ගෙන් ඉල්ලා තිබෙනවා 

ඊශ්‍රායලයට ඩොලර් බිලියන 3 කට වඩා වටිනා පතොරම් සහ ඒ ආශ්‍රිත හමුදා උපකරණ විකිණීමට අනුමැතිය දෙන බවද ඇමරිකා එක්සත් ජනපදය නිවේදනය කළේය 

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායල යුද්ධයෙන් පලස්තීන මරණ 48,388 ක් සහ තුවාල ලැබූ සංඛ්‍යාව 111,803 ක් බවයි  ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 

තවද සුන්බුන් යට අතුරුදහන් වූ පලස්තීන ජාතිකයන් දහස් ගණනක් මිය ගොස් ඇති බවට අනුමාන කරන බවයි.