පෙරහැරක් පැවැත්වීමේදී දක්නට ලැබෙන සාමූහිකත්වය පරිවර්ථනීය රටක් නිර්මාණය කිරීමේදී ද අවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.
එය හුදෙකලා ක්‍රියාකාරකමක් නොවන බවයි හොරණ රාජමහා විහාරයේ රයිගම්පුර නවම් මහා පෙරහර විථි සංචාරය කිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළේ.
පෙරහැර යනු ආගමික වටිනාකම්වල මෙන්ම සෞන්දර්යාත්මක වටිනාකම්වල එකතුවක් වන අතර පෙරහැර පුරාවටම තමන්ගේකම, අපේකම යන හැඟීමක් හැමදෙනා තුළම ඇති බව අග්‍රාමාත්‍යතුමිය පවසනවා.
තනි තනි හුදෙකලා මිනිස් ක්‍රියාකාරකම් වෙනුවට සමූහික මිනිස් ක්‍රියාකාරකම් රටක් වශයෙන් අවශ්‍ය වන බවයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවේ.
අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළේ වත්මන් ආණ්ඩුවේ අනාගත ප්‍රාර්ථනාව “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” සහිත රටේ සියලු ආගමික, සංස්කෘතික, කලාත්මක හැකියාවන් එකට එළිදැක්විය හැකි එක බිමක, එක තැනක සියලු සංස්කෘතීන් සහ සංස්කෘතිකාංග එළිදක්වන විචිත්‍රවත් මොහොතක් බවයි.
එම රට ගොඩනැගීම සඳහා සියලු දෙනාටම ආරාධනා කරන බවයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය වැඩිදුරටත් පැවසුවේ.