නව ජන වරමක් නිර්මාණය කරමින් ශක්තිමත් පළාත් පාලන සේවාවක් ලබා ගැනීම සඳහා ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයෙන් අවස්ථාව හිමිවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඒ සඳහා ජනතාව නව තීන්දුවක් ගත යුතු බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසුවේ.
ලෝකයේ නව ප්‍රවණතාවයන් හඳුනාගනිමින් එම ප්‍රවණතාවයන් සමග ඉදිරියට යන පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හඳුන්වාදිය හැකි බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
දඹුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව පැවසුවා.