බි්‍රතාන්‍යයට පැමිණි යුක්‍රේන ජනාධිපති ව්ලැඩ්මීර් සෙලෙන්ස්කි බි්‍රතන්‍යයේ චාල්ස් රජු මුණගැසී තිබෙනවා.
නෝර්ෆොක්හි සැන්ඩි්‍රන්හැම් වතුයායේදී සිදුව ඇති එම හමුවේදී චාල්ස් රජුගෙන් යුක්‍රේන ජනාධිපතිවරයාට උණුසුම් පිළිගැනීමක් හිමිව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
යුක්‍රේන ජනාධිපතිවරයාට බි්‍රතාන්‍යයේදී මෙවැනි රාජකීය පිළිගැනීමක් හිමිවුණේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ධවල මන්දිරයේ පැවති හමුවකදී ඇති වූ උණුසුම් වචන හුවමාරුවකින් දින කිහිපයකට පසුව වීම විශේෂත්වයක්.
මේ අතර රුසියාව සහ යුක්‍රේනය සාම ක්‍රියාවලියකට ගෙන ඒම සඳහා යුරෝපය මැදිහත්ව කටයුතු කරන බව බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාර්මර් ප්‍රකාශ කර තිබෙනවා.
ඒ සඳහා ප්‍රංශය ද පෙරමුණ ගෙන සිටින තවත් පාර්ශවයක්.
මේ අතර යුක්‍රේනයට අවශ්‍ය වන්නේ සාමය මිස නිමක් නැති යුද්ධයක් නොවන බව යුක්‍රේන ජනාධිපති ව්ලැඩ්මීර් සෙලෙන්ස්කි ද X පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා.