Thursday, March 6, 2025

General line - 0115112241

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවට



ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය අද වාර්තා කළා.

ඔහු පැමිණෙන දිනය තවමත් නිශ්චිත නොවන නමුත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ අප්‍රේල් 5 වන දින ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙරටට පැමිණෙනු ඇති බවටයි.

ආර්ථිකය සහ දෙරටේ සබඳතා ඇතුළු කරුණු ගණනාවක් කෙරෙහි මෙහිදී අවධානය යොමු කරනු ඇති බවටයි පැවසෙන්නේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට මෙරට සංචාරය සඳහා ආරාධනා කර තිබුණේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉකුත් වසරේ දෙසැම්බර් මැදදී ඉන්දියාවේ කළ සංචාරයේදීයි.

එය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පළමු විදේශ සංචාරය ද වුණා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මීට පෙර අවස්ථා තුනකදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වී තිබෙනවා.

ඒ, 2015, 2017 සහ 2019 වසරවලදීයි.