Thursday, March 6, 2025

General line - 0115112241

මර්වින් සිල්වා CID අත්අඩංගුවට



හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

කැලණිය ප්‍රදේශයේ ඉඩමක් කූඨ ලේඛන සකස් කර මුදල් වංචා කිරීමේ සිද්ධියකට අදාළව මර්වින් සිල්වා මහතා එලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු මේ වන විට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනවා.