Thursday, March 6, 2025

General line - 0115112241

අයකරගත යුතු සම්පූර්ණ බදු ආදායම් අය කර ගැනීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වගකීමක් - ජනාධිපති කියයි



අයකරගත යුතු සම්පූර්ණ බදු ආදායම් අය කර ගැනීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වගකීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඒ, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති හමුවකදීයි.

මෙම වසරේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉලක්කගත ආදායම සම්පූර්ණ කර ගැනීම සඳහා ගත යුතු ක්‍රමෝපාය පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නොලැබෙන ආදායම් ලබා ගැනීමට දැනට ක්‍රියාත්මක වන ක්‍රමවේදයට වඩා මැදිහත්වීමේ අවශ්‍යතාව එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් අයකරගත යුතු සම්පූර්ණ බදු ආදායම් අය කර ගැනීමට කටයුතු කරන ලෙසද මෙහිදී නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

මේ අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ද ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ පැවැත්වුණා.

බලශක්ති සංරක්ෂණය පිළිබඳ මෙහිදී කතාබහට ලක් ව තිබෙනවා.

අඛණ්ඩව බලශක්ති සැපයුම් පවත්වා ගැනීම හා බලශක්ති ක්ෂේත්‍රයට අදාළ වර්තමාන හා අනාගත අපේක්ෂිත තත්ත්වයන් පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.