බෙරලපනාතර, ගල්බොක්ක, ගුලනහේන ප්‍රදේශයේ නිවසක් අසල සිදු කළ කැණීිම්වලදී සොයාගත් මැණික් බවට සැකකරන ගල් 08ක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, එම ප්‍රදේශයේ ඉඩමක පිහිටි නිවසක මිදුලේ පුද්ගලයින් පිරිසක් විසින් පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදු කරන බවට බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව ඌරුබොක්ක පොලීසිය මගින් සිදු කළ වැටලීමකදීයි.
එහිදී කැණීම් කළ ඉඩමේ නිවස අයිති නිවෙස් හිමියා ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
17 හැවිරිදි තරුණයෙකු, 47 හැවිරිදි පුද්ගලයෙකු සහ 52 හැවිරිදි පුද්ගලයෙකු සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් සමග කැණීම් කිරීමට යොදාගත් උපකරණ සහ පූජා භාණ්ඩද සිය භාරයට ගත් බවයි පොලීසිය පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.