Sunday, March 9, 2025

General line - 0115112241

දැවැන්ත රුසියානු ප්‍රහාරයකින් පසු සටන් විරාමයක් සඳහා යුක්‍රේන ජනපතිගෙන් යළි ඉල්ලීමක්



රුසියාව එල්ල කළ ප්‍රහාරයකින් කුඩා ළමුන් 04 දෙනෙකු ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා ඇති බව යුක්‍රේනය පවසනවා.

සාමාන්‍යයෙන් ජන ජීවිතය සහතික කරන බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කර රුසියාව ප්‍රහාර එල්ල කර ඇති බවයි යුක්‍රේන ජනාධිපති ව්ලැද්මීර් සෙලෙන්ස්කි පවසා ඇත්තේ.

දකුණු යුක්‍රේනයේ වරාය නගරයක් වන ඔඩෙසා සහ පොක්‍රොව්ස්ක් නගරයට ඉලක්ක කර එම ප්‍රහාර එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්. 

එවැනි තත්ත්වයක් මධ්‍යයේ යුක්රේන ජනාධිපති ව්ලැද්මීර් සෙලෙන්ස්කි විසින් මුහුදු සහ ගුවන් සටන් විරාමයක් සඳහා රුසියාවෙන් යලි ඉල්ලීමක් කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මේ අතර රුසියාව සමඟ සටන් විරාමයක් පිළිබඳව සාකච්ඡා කිරීමට යුක්‍රේන ජනාධිපතිවරයා ලබන සතියේ සෞදි අරාබියේ සංචාරයකට එක්වීමට නියමිත බවද වාර්තා වනවා.