විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර්ගේ බ්‍රිතාන්‍ය සංචාරය අතරතුර ආරක්ෂක කඩකිරීම සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රතිචාර දක්වා තිබේ.
එම අමාත්‍යංශයේ ප්‍රකාශක රන්දීර් ජයිශ්වාල් පැවසුවේ ප්‍රකෝපකාරී ක්‍රියාකාරකම් හෙලා දකින බවයි.
එමෙන්ම බෙදුම්වාදීන්ගේ සහ අන්තවාදීන්ගේ කුඩා කණ්ඩායමක් විසින් මෙහෙයවූ ක්‍රියාවන් හෙලා දකින බව ද ඔහු පැවසීය.
“විදේශ අමාත්‍යවරයාගේ බ්‍රිතාන්‍ය සංචාරයේදී ආරක්ෂාව කඩකිරීමේ දර්ශන අපි දැක ඇත්තෙමු. මේ කුඩා බෙදුම්වාදී අන්තවාදීන්ගේ ප්‍රකෝපකාරී ක්‍රියාකාරකම් අපි හෙළා දකිනවා. එවැනි කොටස් විසින් ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අනිසි ලෙස භාවිතා කිරීම අපි හෙළා දකිනවා. එවැනි අවස්ථාවන්හිදී සත්කාරක රජය ඔවුන්ගේ රාජ්‍යතාන්ත්‍රික වගකීම් සම්පූර්ණයෙන්ම ඉටු කරනු ඇතැයි අපි අපේක්ෂා කරනවා, ” යනුවෙන් ජයිස්වාල් පැවසීය.