මිණිපුර අමාශාන්ති තපෝවනය සංවිධාන කරන මහා පට්ඨාන ධර්ම දේශනය අද පස්වරුවේ අනුරාධපුර රුවන්වැලි මහා සෑ පින් බිමේදී පැවැත්වෙනවා.
පූජනීය තපෝවනයේ රතන හිමියන් විසින් එම දේශනාව හෙට උදෑසන 06 දක්වා පැවැත්වීමට නියමිතයි.
එම පිංකම නෙත් එෆ් එම් රේඩියෝව ඔස්සේ අද සවස 04යි 30 සිට හෙට උදෑසන 06 දක්වා සජීවීව ප්‍රචාරය කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
ඒ පිළිබඳ තවත් තොරතුරු දැන ගැනීමට දැන් අප සම්බන්ධ වනවා අනුරාධපුර පූජා භූමියේ රැඳී සිටින නෙත් නිවුස් විශේෂ නියෝජිත වාර්තාකරු සමීර බණ්ඩාර වීරකෝන් සමගින්.