සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති දෙවන එක්දින ක්‍රිකට් තරඟය ලකුණු 78කින් ජය ගැනීමට නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ සමත් වුණා.
තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 245ක් රැස් කළා.
මැඩ්ලින් ග්‍රීන් ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා. පන්දු යැවීමේදී චමරි අතපත්තු කඩුලු දෙකක් දවා ගත් අතර අචිනි කුලසූරිය, ඉනෝෂි ප්‍රියදර්ශනී හා කවීෂා දිල්හාරි එක් කඩුල්ල බැගින් දවා ගත්තා.
ජයග්‍රාහී ලකුණු 246ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට පන්දුවාර 46යි පන්දු 4ක් අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 167ක් පමණයි.
හර්ෂිතා සමරවික්‍රම ලකුණු 59යි. නිලක්ෂිකා සිල්වා ලකුණු 20කට දැවී ගියා.
නායිකා චමරි අතපත්තුට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 11ක් පමණයි. දෙරට අතර පැවැත්වෙන තුන්වන එක්දින ක්‍රිකට් තරඟාවලිය හෙට පැවැත්වීමට නියමිතයි.