Sunday, March 9, 2025

General line - 0115112241

කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයාට CIDයේ පෙනී සිටින්නැයි දැන්වීමක්



කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුට දැනුම්දී තිබෙනවා.

ඒ, කතරගම දේවාලයේ මුදල් වංචා සිදුව ඇති බවට සිවිල් ක්‍රියාකාරිකයකු විසින් කරන ලද පැමිණිල්ලකට අදාළවයි.

ඒ අනුව කතරගමට පැමිණ අදාළ ප්‍රකාශය සටහන් කර ගත හැකි බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනුම්දී ඇති බවයි වාර්තා වුණේ.

කෙසේවෙතත් මහජන මුදල් වැය කරමින් කතරගමට පැමිණීමට අවශ්‍ය නොමැති බවත්, තමන් ලබන සතියේ කොළඹ සිටින බැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ අදාළ ප්‍රකාශය ලබාදිය හැකි බවත් කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා ප්‍රකාශ කර ඇති බවද වාර්තා වුණා.      

ඒ අනුව ඔහු ලබන 10 වනදා පෙරවරු 11.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා.