පුත්තලම පොලීසියට අනියුක්තව සේවය කරමින් සිටි පොලිස් සැරයන් රියදුරුවරයෙකුගේ සේවය අත්හිටුවා තිබෙනවා.
ඒ, පුත්තලම නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින්.
වැලිගම, පැලෑන ප්‍රදේශයේ හෝටලයක් අසලදී සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය වන අවස්ථාවේ එම පොලිස් සැරයන්වරයා කොළඹ අපරාධ කොට්ඨාසයට අනියුක්තව සේවය කරමින් සිට තිබෙනවා.
එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණ සිදුවන විට අදාළ පොලිස් සැරයන්වරයාව පුත්තලම පොලීසියට ස්ථාන මාරු කර තිබුණා.
මේ අතර එම සිද්ධියට අදාළව වැලිගම පොලිස් ස්ථානයේ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයාගේ සේවය ද අත්හිටුවා තිබෙනවා.