Sunday, March 9, 2025

General line - 0115112241

නීතිවලින් පමණක් කාන්තාවන්ගේ ජීවිතය වෙනස් කළ නොහැකි බව අග්‍රාමාත්‍යවරිය කියයි



පරිගණකයක් හෝ ජංගම දුරකතනයක් තනිව භාවිත කිරීමේ හැකියාව ඇත්තේ කාන්තාවන් සහ ගැහැණු ළමුන්ගෙන් සියයට 54කට පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 09 වන දිනය වූ අද දිනයේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළා.


පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ද විවාදය එක් වුණා.


නීතිවලින් පමණක් කාන්තාවන්ගේ ජීවිතය වෙනස් කළ නොහැකි බවයි විවාදය එක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවේ.


ඉදිරියේදී ගෙන ඒමට නියමිත පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා එහිදී අදහස් පළ කළා.


පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය ඉහළ දැමීම සඳහා වූ පසුබිමක් නිර්මාණය කරන බවයි විවාදයට එක් වූ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිණී සමන්මලී ගුණසිංහ මහත්මිය පැවසුවේ.