සුරා බද්ද ඉහළ දැමීම සඳහා මුදල් අමාත්‍යංශය ඉදිරිපත් කළ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වී තිබෙනවා.
ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි.
එහිදී සුරාබදු ආඥාපනතේ 22 වන වගන්තිය යටතේ අංක 01/2025 සුරාබදු නිවේදනය, 1989 අංක 13 දරන නිෂ්පාදන බදු විශේෂ විධිවිධාන පනතේ 03 වන වගන්තිය යටතේ නියමයක්, 2000 අංක 43 දරන රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ පනතේ 112 වගන්තිය යටතේ නියෝග සලකා බැලීම සිදුවී තිබෙනවා.
ඒ අනුව 1989 අංක 13 දරන නිෂ්පාදන බදු විශේෂ විධිවිධාන පනතේ 03 වන වගන්තිය යටතේ නියෝගය හා 52 වන අධිකාරය වූ සුරාබදු ආඥාපනතේ 22 වන වගන්තිය යටතේ අංක 01/2025 සුරාබදු නිවේදනය කාරක සභාවේදී සලකා බැලුණා.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නිලධාරීන් පැවසුවේ 1989 අංක 13 දරණ නිෂ්පාදන බදු විශේෂ විධිවිධාන පනතේ 03 වන වගන්තිය යටතේ නියෝගය මගින් මෝටර් රථ, දුම්වැටි හා පැනි බීම සහ දුම්කොළ ඇතුළු රුපියල් වටිනාකමින් නිශ්චිතව දක්වා ඇති නිෂ්පාදන බද්දට යටත්ව සියලුම අයිතම මත වන නිෂ්පාදන බද්ද සියයට 5යි දශම 9කින් ඉහළ දැමීමට යෝජනා කර ඇති බවයි.
එමෙන්ම 52 වන අධිකාරය වූ සුරාබදු ආඥාපනතේ 22 වන වගන්තිය යටතේ අංක 01/2025 සුරාබදු නිවේදනය යටතේ මත්පැන් වර්ග මත වූ සුරා බද්ද ද, සියයට 5යි දශම 9කින් ඉහළ දැමීමට යෝජනා කර ඇති බව එම නිලධාරීන් කාරක සභාවට දැනුම්දී තිබෙනවා.
මේ එහිදී අදහස් දැක්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා.
52 වන අධිකාරය වූ සුරාබදු ආඥාපනතේ 22 වන වගන්තිය යටතේ අංක 01/2025 සුරාබදු නිවේදනය මගින් මත්පැන් වර්ග මත වූ සුරා බද්ද ඉහළ දැමීම පිළිබඳව යෝජනාව කාරක සභාවේදී සලකා බලා අනුමත කළ බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.
මෙම වසරේ ගතවූ මාස දෙක තුළ මෙරට මත්පැන් නිෂ්පාදනය සියයට 22කින් හා ආදායම සියයට 23කින් වර්ධනය වී තිබෙනවා.
එමෙන්ම නීති විරෝධී මත්පැන් භාවිතය අවම කිරීමේ අරමුණින් නව මත්පැන් වර්ගයක් හඳුන්වාදීමටද සැලසුම් කර ඇති බවයි එම නිලධාරින් එහිදී ප්‍රකාශ කර ඇත්තේ.