Sunday, March 9, 2025

General line - 0115112241

නීත්‍යානුකූල ක්‍රමවේදවලින් පමණක් රැකියා සඳහා විදෙස්ගත වන්න - රජයෙන් ඉල්ලීමක්



විදේශ රැකියා සඳහා විදෙස්ගත වීමේදී විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නියමිත ක්‍රමවේදයන්ට යටත්ව කටයුතු කරන ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා ඉල්ලීමක් කරනවා.

අධ්‍යාපන කටයුතු සඳහා විදෙස් ගත වූවන් සම්බන්ධයෙන් ද මේ වන විට ගැටළු රැසක් මතුව ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.


නීත්‍යානුකූල ක්‍රමවේදවලින් තොරව රැකියා සඳහා විදෙස්ගත වීමෙන් විවිධ මිනිස් ජාවරම්වලට සහ ඇතැම් රටවල හමුදා සේවයට ද මෙරට පුරවැසියන් සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ.


විදේශ රැකියා ක්ෂේත්‍රයේ සුරක්ෂිතභාවය ඇති කිරීම සඳහා ප්‍රතිපත්තිමය තීරණයකට මේ වන විට එළඹ ඇති බවද නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා නෙත් නිවුස් කළ විමසීමකදී කියා සිටියා.