2025 අයි සී සී ශූරයන්ගේ කුසලානය තමන් සතු කර ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.
ඒ, ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති එම තරගාවලියේ අවසන් මහා තරගයේදී නවසීලන්ත කණ්ඩායම කඩුලු 04කින් පරාජය කරමින්.
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 07ක් දැවී ලකුණු 251ක් රැස් කළා.
ඩැරල් මිචෙල් පන්දු 101කදී ලකුණු 63යි.
පන්දු යැවීමේදී කුල්දීප් යාදෙව් ලකුණු 40කට කඩුලු 02ක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 49ක් අවසානයේ කඩුලු 06කට ලකුණු 254ක් රැස්කර ගනිමින් මෙම තරගයේ ජය වාර්තා කර ගත්තා.
රෝහිත් ශර්මා පන්දු 83කදී ලකුණු 76ක් රැස් කළා.
ඒ, හතරේ පහර 07ක් සහ හයේ පහර 03ක් සමඟයි.
ඉන්දියාව අයි සී සී ශූරයන්ගේ කුසලානය හිමිකර ගත් තුන්වන අවස්ථාව මෙය වනවා.
2002 වසරේදී ශ්‍රී ලංකාව හා සම ශූරයන් වූ ඉන්දියාව 2013 වසරේදී ද අයි සී සී ශූරයන්ගේ කුසලානය තමන් සතු කරගෙන තිබෙනවා.