Thursday, April 10, 2025

General line - 0115112241

ලක්ෂ 450ක මූල්‍ය වංචාවකට සම්බන්ධ සැකකාරියක් හැටන් ප්‍රදේශයේදී අත්අඩංගුවට



හැටන් මහේස්ත්‍රාත් අධිකරණ මඟින් වරෙන්තු නිකුත් කළ සිටි සැකකාරියක් හැටන් පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ හැටන් දුම්රියපොළ අසලදීයි.

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 31ක් වන බදුල්ල, කන්දෙගෙදර ප්‍රදේශයේ පදිංචිකාරියක්.

සැකකාරිය විසින් ආකර්ෂණීය පොලියක් ලබාදෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර, දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින් රවටා රුපියල් ලක්ෂ 450කට අධික මුදලක් ලබාගෙන, එම මුදල් නොදී සැගවී සිට ඇති බවයි පොලීසිය පැවසුවේ.