Monday, April 14, 2025

General line - 0115112241

පුද්ගලයින් සිව් දෙනෙකුගෙන් අල්ලස් ලබා ගත් සිවිල් පුරවැසියන් දෙදෙනෙකු අත්අඩංගුවට



රජයේ රැකියා ලබා දෙන බව පවසා පුද්ගලයින් සිව් දෙනෙකුගෙන් අල්ලස් ලබා ගත් සිවිල් පුරවැසියන් දෙදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කුට්ටිගල, පදලංගල ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදීයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා රජයේ රැකියා ලබා දෙන බව පවසා අදාළ පුද්ගලයින්ගෙන් රුපියල් පන් ලක්ෂ පන්දහසක මුදලක් ලබාගෙන ඇති බවයි අල්ලස් හෝ දූෂන චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ.

ඔවුන් ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු එළඹෙන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

සැකකාරිය රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇපි දෙකක් මත මුදාහැර ඇති බවයි අල්ලස් හෝ දූෂන චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසුවේ.