Friday, April 18, 2025

General line - 0115112241

ඝාතන සිද්ධීන් දෙකකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට



එරගම පොලිස් වසමේ අරෆා නගර් ප්‍රදේශයේදී පසුගිය පෙබරවාරි මස 19 වනදා කාන්තාවකට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, එම සැකකරු අදාළ ප්‍රදේශයෙන් පලා ගොස් වැලිකන්ද පොලිස් වසමේ කටුවන්විල ප්‍රදේශයේ සැඟව සිටියදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු 44 හැවිරිදි අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් එරගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

මේ අතර ඉකුත් 11 වනදා දඹගල්ල පොලිස් වසමේ කොලොන්කඳපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක් පුළුස්සා ඝාතනය කිරීමේ අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 35 හැවිරිදි ආණමඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවා.