කැනඩාවේ නව අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නිගේනව අමාත්‍ය මණ්ඩලයේ නීතිපති සහ අධිකරණ අමාත්‍ය ධූරය සඳහා ශ්‍රී ලාංකීක සම්භවයක් සහිත පුද්ගලයෙකු තේරී පත්ව තිබෙනවා
මෙලෙස තේරී පත්ව ඇත්තේ මෙරට දේශපාලනඥයෙකු වූ ආනන්ද සංගරීගේ පුත් ගැරී ආනන්දසංගරී මහතායි.
එම ධුරයට පත් වූ පළමු දෙමළ-කැනේඩියානු ජාතිකයා බවට ඔහු පත්වනු ඇත.
යාපනයේ උපත ලැබූ ගැරී ආනන්දසංගරී මහතා, 1983 වසරේ කෝලහල පැවති සමගේ කැනඩාවට ගොස් ඇති අතර පසුව කැනඩාවේ පදිංචි වී තිබෙනවා
දේශපාලනයට පිවිසීමට පෙර, ගැරී ආනන්දසංගරී මහතා නීතිඥයෙකු සහ ප්‍රජා උපදේශකයෙකු ලෙස කටයුතු කර තිබේ.
ගැරී ආනන්දසංගරී මහතා දෙමළ ජාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් දිගු කලක් පෙනී සිටින පුද්ගලයෙකු බව සඳහන් වනවා
කැනඩාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස 59 හැවිරිදි මාර්ක් කර්නි දිවුරුම් දෙනු ලැබුවා.
ඒ, වසර 09 ක කැනේඩියානු අගමැති ධුර කාලය අවසන් කරමින් ජස්ටින් ටෲඩෝ පාලක ලිබරල් පක්ෂයෙන් ඉවත්ව යෑමෙන් පසුවයි.