Sunday, March 16, 2025

General line - 0115112241

තැපැල් සේවකයන් වර්ජනයකට සැරසෙයි



තැපැල් සේවාව තුළ පවතින දැඩි පුරප්පාඩු හිඟය හේතුවෙන් තැපැල් සේවාව පවත්වාගෙන යාම සඳහා ගැටළු රැසක් පැනනැගී ඇති බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා.

එම පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ පුරප්පාඩු ගැටළුව ඇතුළු තවත් ගැටළු 06ක් මුල්කර ගනිමින් වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බවයි.


අද පස්වරු 04.00 සිට එළඹෙන 18 වනදා දක්වා පැය 48ක කාලයක් එම වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසුවේ.