Sunday, March 16, 2025

General line - 0115112241

යේමනයේ හවුති කැරලිකරුවන්ට අමෙරිකාවෙන් ගුවන් ප්‍රහාර



අමෙරිකාව විසින් යේමනයේ හවුති කැරලිකරුවන්ට එරෙහිව ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කර තිබෙනවා.

ගුවන් ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 31 දෙනෙකු මිය ගොස් ඇති අතර තවත් පුද්ගලයන් 101 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

යේමනයේ අගනුවර වන සානා, අල් බයිඩා සහ රාඩා යන නගරවලට එම ප්‍රහාරයන් එල්ල වී තිබෙනවා.  

රතු මුහුදේ වෙළෙඳ නෞකා ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරන බවට හවුති කැරලිකරුවන් තර්ජනය කිරීම හේතුවෙන් එම ගුවන් ප්‍රහාර එල්ල කළ බවයි අමෙරිකා ජනාධිපති ඩොනල් ට්‍රම්ප් පවසන්නේ.

ඩොනල් ට්‍රම්ප් චෝදනා කරන්නේ ඉරානයේ සහාය ලබන හවුති කැරලිකරුවන් විසින් අමෙරිකානු ගුවන් යානාවලට මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බවයි.

ඔවුන් විසින් අමෙරිකාවේ මිත්‍ර පාර්ශවයන් වෙත ද ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.

කෙසේවෙතත් අමෙරිකාව විසින් එල්ල කළ ප්‍රහාර සඳහා ප්‍රතිචාර දක්වන බවද හවුති කැරලිකරුවන් ප්‍රකාශ කර තිබෙනවා.